Thursday 31 January 2019

චාමික කරුණාරත්නට ටෙස්ට් වරම් හිමිවේ


අද ආරම්භ වූ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේදී 22 හැවිරිදි චාමික කරුණාරත්නට ටෙස්ට් වරම් හිමිවුණා. ඔහු මේ වනවිට NCC ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. ඔහුට මෙතරම් ඉක්මනින් ටෙස්ට් වරම් හිමිවීමට හේතුවූයේ දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර යන වේග පන්දු යවන්නන් දෙදෙනාම ආබාධයන්ට ලක්වීමයි.

කෙස්සෙවුවද මෙම ටෙස්ට් තරගය ලංකා කණ්ඩායමට වැදගත් වන්නෙ ඔවුන් මේ වනවිටත් තරග කිහිපයක්ම පරාජය වී සිටින නිසාවෙනි. මෙය ජයගතහොත් තරගාවලිය 1-1 ලෙස සම කරගැනීමට ඔවුන්ට හැකිවේ. නමුත් කාරණය වන්නේ ඔවුන් මේ දිනවල දක්වන්නා වූ දුර්වල ක්‍රීඩා විලාශය තවත් පරාජයකට ගෙන යාමට වැඩි අවකාශයක් නිර්මාණය කරාවිද යන්නයි.

මෙම තරගයේදී පිතිකරුවන් සතුව වැඩි වගකීමක් ඇත. මන්දයත් මෙම කැන්බරා තණතීරුව පිතිකරුවන්ට ඉතා හොද තණතීරුවක් වීමයි. චන්දිමාල්, මෙන්ඩිස්, දිමුත් නැවත දක්ෂතා අතරට පැමිණීම ඉතා වැදගත් වේ. අවම ලකුණු 300+ ඉනිම් දෙකක් ක්‍රීඩා කළ හැකිනම් එයද ලංකාව වෙනුවෙන් සහනයක් වන්නෙ ලකුණු 150ක් වත් රැස් කරගැනීමට නොහැකි කණ්ඩායමක් ලෙස ප්‍රේක්ෂයන් ඔවුන් කෙරෙහි දැඩි කළකිරීමකින් පසුවන නිසාවෙනි.

Wednesday 8 February 2017

අලුත් බ්ලොග් කියවනයක් සැදුවෙමි

ලාංකික බ්ලොග් කරුවන් උදෙසා අලුත් බ්ලොග් කියවනයක් හෙවත් Sinhala Blog Syndicator එකක් සෑදීමට තීරණය කළෙමි. අදම ඔබගේ බ්ලොගයත් අපගේ සයුර බ්ලොග් කියවනය වෙත ඇතුලත් කරන්න..

පහත විස්තර සහිතව ishara5501@yahoo.com වෙත email කරන්න

බ්ලොග් අඩවියේ නම - 

බ්ලොග් අඩවියේ URL එක -

බ්ලොග් අඩවිය අයිති කුමන කාණ්ඩයටද යන්න - ප්‍රවෘත්ති/කාලීන/තාක්ෂණික/අධ්‍යාපන ආදී 

බ්ලොග් අඩවිය පිළිබඳව කෙටි විස්තරයක් -

මෙම බ්ලොග් කියවනය පිළිබඳව ඔබගේ මිතුරන්ටත් කීමට අමතක නොකරන්න ...