කෙස්සෙවුවද මෙම ටෙස්ට් තරගය ලංකා කණ්ඩායමට වැදගත් වන්නෙ ඔවුන් මේ වනවිටත් තරග කිහිපයක්ම පරාජය වී සිටින නිසාවෙනි. මෙය ජයගතහොත් තරගාවලිය 1-1 ලෙස සම කරගැනීමට ඔවුන්ට හැකිවේ. නමුත් කාරණය වන්නේ ඔවුන් මේ දිනවල දක්වන්නා වූ දුර්වල ක්‍රීඩා විලාශය තවත් පරාජයකට ගෙන යාමට වැඩි අවකාශයක් නිර්මාණය කරාවිද යන්නයි.
මෙම තරගයේදී පිතිකරුවන් සතුව වැඩි වගකීමක් ඇත. මන්දයත් මෙම කැන්බරා තණතීරුව පිතිකරුවන්ට ඉතා හොද තණතීරුවක් වීමයි. චන්දිමාල්, මෙන්ඩිස්, දිමුත් නැවත දක්ෂතා අතරට පැමිණීම ඉතා වැදගත් වේ. අවම ලකුණු 300+ ඉනිම් දෙකක් ක්‍රීඩා කළ හැකිනම් එයද ලංකාව වෙනුවෙන් සහනයක් වන්නෙ ලකුණු 150ක් වත් රැස් කරගැනීමට නොහැකි කණ්ඩායමක් ලෙස ප්‍රේක්ෂයන් ඔවුන් කෙරෙහි දැඩි කළකිරීමකින් පසුවන නිසාවෙනි.
