Thursday 31 January 2019

චාමික කරුණාරත්නට ටෙස්ට් වරම් හිමිවේ


අද ආරම්භ වූ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේදී 22 හැවිරිදි චාමික කරුණාරත්නට ටෙස්ට් වරම් හිමිවුණා. ඔහු මේ වනවිට NCC ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. ඔහුට මෙතරම් ඉක්මනින් ටෙස්ට් වරම් හිමිවීමට හේතුවූයේ දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර යන වේග පන්දු යවන්නන් දෙදෙනාම ආබාධයන්ට ලක්වීමයි.

කෙස්සෙවුවද මෙම ටෙස්ට් තරගය ලංකා කණ්ඩායමට වැදගත් වන්නෙ ඔවුන් මේ වනවිටත් තරග කිහිපයක්ම පරාජය වී සිටින නිසාවෙනි. මෙය ජයගතහොත් තරගාවලිය 1-1 ලෙස සම කරගැනීමට ඔවුන්ට හැකිවේ. නමුත් කාරණය වන්නේ ඔවුන් මේ දිනවල දක්වන්නා වූ දුර්වල ක්‍රීඩා විලාශය තවත් පරාජයකට ගෙන යාමට වැඩි අවකාශයක් නිර්මාණය කරාවිද යන්නයි.

මෙම තරගයේදී පිතිකරුවන් සතුව වැඩි වගකීමක් ඇත. මන්දයත් මෙම කැන්බරා තණතීරුව පිතිකරුවන්ට ඉතා හොද තණතීරුවක් වීමයි. චන්දිමාල්, මෙන්ඩිස්, දිමුත් නැවත දක්ෂතා අතරට පැමිණීම ඉතා වැදගත් වේ. අවම ලකුණු 300+ ඉනිම් දෙකක් ක්‍රීඩා කළ හැකිනම් එයද ලංකාව වෙනුවෙන් සහනයක් වන්නෙ ලකුණු 150ක් වත් රැස් කරගැනීමට නොහැකි කණ්ඩායමක් ලෙස ප්‍රේක්ෂයන් ඔවුන් කෙරෙහි දැඩි කළකිරීමකින් පසුවන නිසාවෙනි.

2 comments:

  1. Casino-Roll Casino: Roll casino rolls online - CasinoRoll
    When bet365 korea you play on Rollcasino, 야구 분석 you'll find more than 승인 전화 없는 사이트 400 of your favorite games like 포커 규칙 Slots, 33토토 Blackjack and Roulette.

    ReplyDelete
  2. Casinos near Jamul Casino, Wilkes-Barre, PA
    Looking 광주광역 출장마사지 for casinos 평택 출장마사지 near Jamul Casino, Wilkes-Barre, 의왕 출장샵 PA near 대전광역 출장샵 me? Explore 고양 출장마사지 other popular Arts near Jamul Casino, Wilkes-Barre, PA.

    ReplyDelete